Friday, June 13, 2014

ටයිපින් lesson 01






                                  ඔන්න හා හා පුරා කියල හැමෝටම වැදගත් වෙන විදිහේ පෝස්ට් එකක් දාන්න තමයි සූදානම් වෙන්නේ. හැමෝටම කිව්වට හැමෝටමත් නෙමෙයි. ඒත් අපි හැමෝම මේ බ්ලොග් කියවන්න අන්තර්ජාලයට එන්නේ බොහෝ වෙලාවට පරිඝණකයක් භාවිතා කරල. ඒ නිසයි මම කිව්වේ මේ පෝස්ට් එක හැමෝටම වැදගත් වෙයි කියල...කතාව තියල මාතෘකාවට එමුකෝ එහෙනම්....

                                    අපි දන්නවා පරිඝණකයක් භාවිතා කරනකොට වැදගත්ම කොටසක් තමයි කී බෝඩ්  එක කියන්නේ. ඉතින් මේ කී බෝඩ් එක භාවිතා කරන්න අපිට හැකියාව වැඩි වෙන තරමට අපිට අපේ පරිඝණක කටයුතු වේගවත්ව කරගන්න පුළුවන්. ඒ නිසයි මම හිතුවේ මුලිින්ම කී බෝඩ් එක භාවිතා කරන හැටි කියල දෙන්න. මම මුල ඉදලම පටන් ගන්නම්. 

ටයිප් කරන්න කලින් අපි ටයිප් කරන්න පරිඝණකය ලග වාඩිවෙන විදිහ ඉගෙන ගමු



1. 
මුළින්ම අපි මොනිටරය අපේ ඇස් මට්ටමට තියන විදිහට සකස් කරගන්න ඕනේ .මෙහෙම කරන්නේ මොනිටර් එක අපේ ඇස් මට්ටමට වඩා ඉහලින් හරි පහලින් හරි තිබුනොත් ටික වෙලාවක් යද්දි අපේ බෙල්ල රිදෙන්න ගන්න නිසා. නිතර පරිඝණක කටයුතු වල යෙදෙන අය මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවනම් හොදයි. ඒ වගේම මොනිටරය අපේ ඇස් වල ඉදල සෙමී 45ත් 70ත් අතර දුරකින් තියනවනම් අපිට බොහොම පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

2. 
ඒ වගේම කී බෝඩ් එක අපේ අතේ වැලමිට තියන උසින් තියෙන්න ඕනි..එහෙම නැති වුනොත් ටික වෙලාවක් යනකොට අපේ අත් දෙක රිදෙන්න ගන්නවා. එතකොට අපිට වැඩ කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා දෙවනුව ඒ ගැන අවධානය යොමු කරන්න.

3.
ඔන්න ඊලගට කතා කරන්නේ වැදගත්ම දෙයක් ගැන. මේ ගැන නම් අනිවාර්යයෙන්ම නිතර පරිඝණක ලග ඉන්න හැම කෙනෙක්ම අවධානය යොමු කරන්න ඕනේ. අපේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනේ. මේක ගොඩක් වැදගත් මේ ගැන අපි නොසිතන තරමට අපිට ඉක්මනිනන්ම කොන්දට බෙහෙත් ගන්න ඩොක්ට කෙනෙක් චැනල් කරන්න වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම අනිත් වෙලාවට කොහොම උනත් පරිඝණකයේ වැඩ කරන වෙලාවට විතරක් වත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. ඒ වගේම පිටට හේත්තු වෙන විදිහේ උපකාරයක් තියන පුුටුවක් භාවිතා කරනවනම් ගොඩක් හොදයි..

4. 
අංක හතරෙන් පෙන්වල තියෙන්නේ අපි පුටුවෙ ඉදගන්නකොට අංශක 90 කෝණයක් පිහිටන ආකාරයට ඉදගන්න හුරුවෙන්න ඕනේ. මේකනම් ගොඩක් අය කරන වැරද්දක්. පරිඝණකයේ ඉන්න වෙලාවට විතරක් නෙමෙයි හැම වෙලාවකම පුටුවක ඉදගන්නවනම් මේ විදිහට ඉදගන්න පුරුදු වෙන එක ගොඩක්
වැදගත්. 

මේක තේරුනේ නැත්තම් මේ පහල තියන පිංතූරය බලන්නකෝ ...



5.
ඒ වගේම අපේ දනහිස් අංශක 90ක කෝණයක් පිහිටන ආකාරයට තියාගන්න ඕනේ..

6.
අපේ කකුල් දෙක බිමට සමාන්තරව තියන විදිහට තබාගන්නත් මතක තියා ගන්න ඕනේ. අපි වාඩිවෙන පුටුව උස එකක් නම් කකුල් දෙක තියාගන්න පුළුවන් විදිහේ ආධාරකයක් සකස් කරගන්න..

                ටයිපින් පාඩමේ පළවෙනි කොටස මෙතනින් අවසන් කරනවා නැත්තම් පෝස්ට් එක ගොඩක් දිග වෙයි. ඊලග පාඩමෙන් අපි කී බෝඩ් එකේ තියන යතුරු සහ ඒවයින් කෙරෙන විශේෂ කාර්යයන් ගැන ඉගෙන ගමු..

හැමෝටම ආයුබෝවන්..
Typing පාඩම 02 
ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා හොදේ.