ඔන්න මම අන්තිම පෝස්ට් එකෙන් පොරොන්දු වුනා වගේම අද ඔයාලට සොෆ්ට්වෙයාර් එක අරගෙන ආවා. වල් පල් නැතුව කෙලින්ම කතාවට බහින්නම්කො.
මුලින්ම කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයා එක නිශ්පාදකයා එය අපට ලබා දෙන්නේ නොමිලේ. මේ සොෆ්ට්වෙයාර් එකේ නම KeyBlaze. මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක එයාලගෙ වෙබ් අඩවියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි එයාලගේ අළුත් වර්ෂන් එකට වඩා පරණ වර්ෂන් එක් පාඩම් වැඩි පුර තියනවා ඒ නිසා මගෙ ලග තියන පරණ ෆයිල් එකත් අප්ලෝඩ් කරා.
ඒක ඕනි අය මේ ලින්ක් එකට ගිහින් ඒක ඩවුන් කර ගන්න..
පොඩි ෆයිල් එකක් 2MB තියෙන්නේ. මුලින්ම ගිහින් මේක ඩවුන් කරල. ඔයාලගෙ කොමට ඉන්ස්ටෝල් කරගෙන ඉන්නකෝ.
ඊලගට ඒක ඕපන් කරහම මේ වගේ වින්ඩෝ එකක් එයි
මේ වින්ඩෝ එකේ lesson කියන තැන ක්ලික් කරන්න
එතකොට ඔයාට මේ වගේ වින්ඩෝ එකක් ලැබෙයි.
මේ වින්ඩෝ එකේ 1 Home Keys: Index Fingers කියන තැන ක්ලික් කරන්න.
එතකොට ඔයාට පළවෙනි පාඩම ආරම්භ කරන්න පුළුවන්..
මේ වින්ඩෝ එක තමයි එන්නේ ඔයාගෙ පළවෙනි පාඩම විදිහට.
ඔයාට කී බෝඩ් එකේ ඇගිලි තියා ගන්න විදිහ පෙන්වල තියනවා. ඒ වගේම ඒ ඒ වෙලාවට ඔයා ප්‍රෙස් කරන්න ඕනි කී එක නිල් පාටින් හයිලයිට් කරල පෙන්වනවා. ඔයා ටයිප් කරන්න ඕන අකුරු තමයි ඉහලින් තියෙන්නේ. asdfg ;lkjh .. ඔයා ඒ වෙලාවේ ටයිප් කරන්න ඕනි අකුර පොඩි කොටුවකින් හයිලයිට් වෙලා පෙනෙයි. දැන් ඔයාට තියෙන්නේ ටයිප් කරන්න. මතක තියා ගන්න කිසිම වෙලාවක කී බෝඩ් එක දිහා බලන්න එපා. ටයිප් කරන්න තියන අකුරු දිහා බලාගෙන ටයිප් කරන්න. ඔයාට අත් දෙක කී බෝඩ් එකේ තියා ගන්න විදිහ අමතක වුනොත් හරි වැරදුනොත් හරි මොනිටරේ පෙන්වල තියන විදිහට අත්දෙක තියා ගන්න. බැක්ස්පේස් කරනකොට සුලැගිල්ල භාවිතා කරන්න. කොහොම හරි වැරදි වෙන්නේ නැතුව ටයිප් කරන්න උත්සාහ කරන්න . වැදගත් වෙන්නේ වේගය නෙමෙයි නිවැරදිව ටයිප් කරන එක.
ඔයා ඔය තියන අකුරු ටික ටයිප් කරල ඉවර වුනහම ඔයාගෙ රිසාල්ට් එක එනවා.
රිසාල්ට් එක එන්නේ මේ විදිහේ වින්ඩෝ එකක. රිසාල්ට් එක ආවම ඔයා මුලින්ම බලන්න ඕනේ ඔයාගෙ Accuracy එක එකේන් පෙන්වන්නේ ඔයා කොයි තරම් නිවැරදිව ඒ කොටස ටයිප් කරල තියනවද කියන එක. ඒක හැම වෙලාවෙම 95% කට ඉහලින් තියා ගන්න ඕනේ.
දෙවනුව තමයි ඔයා ඔයාගේ වේගය හදා ගන්න ඕනේ. ඒක බලන්න පුළුවන් ඔය WPM කියල තියන තැනින්. ඒකෙන් කියවෙන්නේ ඔයා කොයි තරම් වචන ප්‍රමාණයක් විනාඩියකට ටයිප් කරනවද කියනඑක. මේ විදිහට කරගෙන යන්න. මුලින්ම නම් ටිකක් අමාරුයි. ඒත් ටික දවසක් මහන්සි වුනොත් ඔයාටත් හොද ටයිපර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හොදින් මේ ටික කර ගත්තොත් ඔයාට ජොබ් එකකට යන්න අමතර සුදුසුකමක් නිකන්ම හැදිල තියෙයි. ඒ වගේම මතක තියාගන්න WPM එක 30.00ට වඩා වැඩි වෙනකම් ඊලග පාඩමට යන්න එපා. වැදගත් වෙන්නේ පාඩම් ටික කරන එක නෙමෙයි. හරියට ටයිප් කරන එක..
එහෙනම් ඔන්න මෙතනනින් මගේ ටයිපින් පාඩම් මාලාව අවසන් වෙනවා..
ආයෙත් තව අළුත් ඉගෙන ගන්න පාඩම් ටිකක් අරන් මම එන්නම්..
ටයිපින් පාඩම් මාලාවත් එක්ක රැදුන ඔයාට ආයුබෝවන්....