Friday, June 13, 2014

ටයිපින් lesson 03









                                      පසුගිය පාඩමෙන් අපි කී බෝඩ් ඒකේ ඇති කී සියල්ලම හදුනා ගත්තා. අද අපි ඉගෙන ගන්නේ කී බෝඩ් එක භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි බලමු කී බෝඩ් එකේ නිවැරදිව අත් සහ ඇගිලි තියා ගන්නේ කොහොමද කියලා.



                                               ඔය උඩින් තියන පින්තූරය හොදට බලන්න. ඔය විදිහට තමයි නිවැරදිව ටයිප් කරන්න අත් තියාගන්නේ. වම් අතේ දබර ඇගිල්ල F අකුර උඩත් දකුණු අතේ දබර ඇගිල්ල J අකුර උඩත් තියෙන්නේ ඕනේ. කී බෝඩ් එකේ තියන අනිත් කී වලට වඩා මේ F අකුරෙයි J අකුරෙයි වෙනසක් තියනව. හොදට බැළුවොත් පෙනෙයි. මේ කී දෙකේ උඩට නෙරා ආ පොඩි තිත් දෙකක් තියනව. මේක හැම කී බෝඩ් එකකටම පොදුයි. මේ විදිහට තිත් දෙකක් තියන්න හේතුව අපිට ආලෝකය අඩු තැනකදි වුනත් ඒ කී දෙක අනිත් කී වලින් වෙන් කරල අදුර ගන්න පුළුවන් ඇගිලි වලට දැනෙන හින්දා. ඒ නිසයි මම කිව්වේ මුලින්ම දබර ඇගිලි දෙක ඒ කී දෙක උඩින් තියන්න කියල. කී බෝඩ් එක දිහා බලන්නේ නැතුව මේ කී දෙක හොයා ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න.

ඊලගට අනිත් ඇගිලි පිලිවෙලින් දෙපැත්තෙ තියන කී උඩින් තියාගන්න. රූපයේ විදිහට. 

A - වම් සුළගිල්ල
S -  වම් වෙදැගිල්ල
D - වම් මැදගිල්ල
F - වම් දබර ඇගිල්ල

J - දකුණු දබර ඇගිල්ල
K - දකුණු මැදගිල්ල
L - දකුණු වෙදැගිල්ල
; - දකුණු සුළැගිල්ල

Space - වම් සහ දකුණු මහපට ඇගිලි

ඊලගට අපි බලමු මේ එක එක ඇගිල්ලට අදාල කී මොනවද කියල



මේ පින්තූරයේ විදිහට තමයි අපි ඇගිලි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඒ ඇගිල්ලට අදාල කී විතරයි භාවිතා කරන්නේ. උදාහරනයක් විදිහට වම් අතේ මැදගිල්ලෙන් ප්රෙස් කරන්න පුළුවන් C,D,E,3 කියන කී විතරයි.මේ විදිහට ඒ ඒ ඇගිල්ලට අදාල කී ඒ ඒ ඇගිල්ලෙන් ප්රෙස් කරන්න හුරු කරගන්න. මතක තියාගන්න.





මේ වගේ තනි ඇගිල්ලෙන් නම් කවදාවත් කී බෝඩ් එක පාවිච්චි කරන්න එපා. ඒ කෙන් කියවෙන්නේ ඔයා තාමත් කී බෝඩ් එක පාවිච්චි කරන්න දන්නේ නැහැ කියන එක. 

දැන් ඉතින් ඔයා දන්නවා කී බෝඩ් එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියල. මම ඊලග පෝස්ට් එකෙන් ඔයාට දෙනව ගොඩක් දෙයක්. දෙයක් කියන්නේ සොෆ්ට්වෙයා එකක්. ඒක ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරාම ඔයාට හොද ටයිපින් ගුරුවරයෙක් හමු වුනා වගේ තමයි. 

ඉතින් එහෙනම් මේ පෝස්ට් එක මෙතනින් අවසන් කරන්නම්. ඔයාලගෙ හිතට එන දේවල් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..

හැමෝටම ආයුබෝවන්....